ඕස්ට්‍රේලියානුවන්ට පනවා තිබු කොන්දේසි ලිහිල් වෙයි

ඕස්ට්‍රේලියානුවන්ට පනවා තිබු කොන්දේසි ලිහිල් වෙයි

නිසි අවසරයකින් තොරව විදෙස් සංචාර සඳහා පිටත්ව යාම තහනම් කරමින් ඔස්ට්‍රේලියානු වැසියන් වෙත පනවා තිබූ කොන්දේසි ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබූ එම තහනම ලබන මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට විදෙස් සංචාරවල නිරත වීමේ දී අවසර ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන්ය.

මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් සඳහා පනවා ඇති කොන්දේසි ඉදිරි සතියේ සිට ලිහිල් කිරීමට ඔස්‍ට්‍රේලියානු රජය සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.