ඉන්දීය ගොවියන් අරගලය ජයගනියි

ඉන්දීය ගොවියන් අරගලය ජයගනියි

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හඳුන්වාදුන් මතභේදාත්මක නීති තුනක් අවලංගු කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා තීරණය කර ඇත

උත්තර් ප්‍රදේශ් සහ පන්ජාබ් හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අගමැතිවරයා විසින් මෙම විශ්මයජනක තීරණය නිවේදනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි.

ඉන්දීය රජය විසින් ගෙනා මෙම නීති 03ට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව එම දැඩි උද්ඝෝෂණ පැවැත්වූ අතර පන්ජාබ් ගොවින් විසින් එරට අගනුවර වට කරමින් පවත්වනු ලැබූ විරෝධතාවය ජාත්‍යන්තරයේ අවදානය ද දිනා ගනු ලැබීය .

මෙලෙස තමන් රැගෙන ආ නීති 03 හකුලා ගැනීම ඉන්දීය රජයේ යම්  පසුබෑමක් ලෙසද ඇතැම්  දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත

“මම අද ආවේ ඔබ ට, මුළු රටටම කියන්න, අපි තීරණය කළා කෘෂි නීති තුනම ඉල්ලා අස්කර ගැනීමට. මේ මාසයේ අවසානයේදී ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නීති 03 අවලංගු කිරීමට අවශ්‍ය නෛතිමය කටයුතු සිදුකරනු ලබනවා” ඉන්දීය අගමැතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියේය .

තමා සියලූම ඉන්දීය ගොවීන්ගෙන් සමාව අයදින බව ද මෙහිදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය ..