කොවිඩ් පාලනයට පැනවූ නීතිවලට එරෙහි නෙදර්ලන්ත වැසියෝ විරෝධතාවයේ

කොවිඩ් පාලනයට පැනවූ නීතිවලට එරෙහි නෙදර්ලන්ත වැසියෝ විරෝධතාවයේ

නෙදර්ලන්තයේ කොවිඩ් පාලනය සඳහා පැනවූ නව කොන්දේසිවලට එරෙහිව විරෝධතාවයේ නිරත පුද්ගලයින් සහ පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ.

එරට රොටර්ඩෑම් නගරයට එක්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාර එල්ල කර ඇති අතර විරෝධතාකරුවන් ගල්මුල්වලින් පොලීසිය වෙත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සහ නව වසරේ උදාව වෙනුවෙන් සැණකෙළි පැවැත්වීම තහනම් රොටර්ඩෑම් නගරයට එක්වූ විරෝධතාකරුවන්කිරීමට අදාළ නව කොන්දේසි හඳුන්වාදිමට නෙදර්ලන්ත රජය සැලසුම් කර තිබේ.

ඊට එරෙහිව පළ කරමින් සිය ගණනක නෙදර්ලන්ත වැසියන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.