නව නියාමන රෙගුලාසි හඳුන්වාදීමට එරෙහි පකිස්තානු සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ

නව නියාමන රෙගුලාසි හඳුන්වාදීමට එරෙහි පකිස්තානු සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ
නව නියාමන රෙගුලාසි පද්ධතියක් හදුන්වාදීම සහ නිසි පහසුකම් නොමැතිව කොරෝනා ප්‍රතිකාර සදහා අනුයක්ත කිරීමට එරෙහිව කරච්ච් හිදී පකිස්තාන සෞඛ්‍යය සේවකයන් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරතවී තිබේ.
 
ඔවුන් විරෝධතා පෙළපාලියකින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය දෙසට ගමන් කිරීමේදී පොලිසිය මැදිහත් වී එය විසුරැවා  හැරීමට කටයුතු කර තිබෙන අතර එහිදී විරෝධතාවයේ නිරතවූ වෛද්‍යවරුන් 23ක් ඇතුළුව හෙදහෙදියන් ඇතුළු තවත් සෞඛ්‍ය සේවකයන් පිරිසක් පකිස්තාන් ආරක්ශක අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් එරට ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජන ආරම්භ කර ඇති බව ද එරට වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.