ඔස්ට්‍රේලියාව යළි ලෝකයට විවෘතයි

ඔස්ට්‍රේලියාව යළි ලෝකයට විවෘතයි
ඔස්ට්‍රේලියාව ඊයේ යළි සිය රට, සිසුන්ට සහ සංචාරකයින්ට විවෘත කර තිබේ.
 
කොරෝනා වෛරසයේ පැතිරීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයින්ට සිය රට වසා දමා තිබුණි.
 
එසේම එරට ටස්මේනියා ප්‍රාන්තයද සිය ප්‍රාන්ත සීමා අද සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එරට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශද මේ වනවිට ලිහිල් කර ඇති බවයි.
 

ඒ අනුව එම ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳ සැල්වලට පැමිණීමට මෙන්ම මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට පූර්ණ එන්නත්කරණය අවශ්‍ය නොවනු ඇති බව සඳහන්ය.