ඔමික්‍රෝන් නිසා මුළු යුරෝපයම අවදානමක -අනතුරක් අත ළඟ බවට නිවේදන

ඔමික්‍රෝන් නිසා මුළු යුරෝපයම අවදානමක -අනතුරක් අත ළඟ බවට නිවේදන
යුරෝපයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතර එය විදෙස් මාධ්‍ය හඳුන්වා දෙන්නේ "ඔමික්‍රෝන් කුණාටුවක්" ලෙසයි.
 
වර්තමානය වන විට ලොව රටවල් 106ක ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙන අතර සමස්ත යුරෝපයේම ඔමික්‍රෝන් කුණාටුවක් සේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
 
එමෙන්ම ආසාදිතයින් හමුවීමද ඉහළයාම නිසා රටවල් රැසක අලුතින් සංචරණ සීමා පනවා ඇති බවත් සඳහන්.
 
ඉහළ යන ඔමික්‍රොන් ව්‍යාප්තිය යුරෝපා සෞඛ්‍ය ක්ෂේත්‍රය අවදානමකට ලක්කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වාදෙයි.
 

ඔමික්‍රොන් මේ වන විට ස්කොට්ලන්තයේද ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වී ඇති අතර ප්‍රංශයෙන් හඳුනාගන්නා නව ආසාදිතයන් 5 දෙනෙකුගෙන් අයෙක් එම ප්‍රභේදය ආසාදිතයන් බව සඳහන් වෙයි.