යුරෝපයේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස ඉහළ යයි

යුරෝපයේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස ඉහළ යයි

අදවනවිට යුරෝපයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළයමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. යුරෝපයේ මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී තිබෙන අතර ඊයේ (28) දිනයේ ප්‍රංශයෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගෙන ඇත.

උත්සවය සමය හේතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ගලයින් රෝහල්ගතවීම සියයට 30 සිට සියයට 70ක් දක්වා අඩු වී ඇති බව ද සිදුකළ අධ‍්‍යයනයකින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ප්‍රංශයේ ජනවාරි මස ආරම්භය වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 250,000 ඉක්මවා යනු ඇති බවට එරට අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය පද්ධතියේද යම් බිඳවැටීමක් සිදුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.