චීනයේ යලිත් කොරෝනා වෛරසය හිස ඔසවයි

චීනයේ යලිත් කොරෝනා වෛරසය හිස ඔසවයි

පසුගිය බ‍්‍රහස්පතින්දා වන විට චීනයෙන් කොවිඞ් ආසාදිතයින් 5,600 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ආසාදිතයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

චීනයේ අගනුවර වන චීනයේ බීජිං නුවරින් ආසාදිතයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් හමුවීමත් සමඟ සිකුරාදා දිනයේ සංචරණ සීමා පැනවීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ.

මේ වන විට චීනයේ බොහෝ ප‍්‍රදේශ වල විශාල වශයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ.