දරුණු ලැව් ගිනි නිසා ඇමරිකා එක්සත් ජනපදය නොසන්සුම්

දරුණු ලැව් ගිනි නිසා ඇමරිකා එක්සත් ජනපදය නොසන්සුම්

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්මෙක්සිකෝ ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දරුණු ලැව්ගිනි තත්වයක් බලපා තිබෙනවා.

එම ප්‍රදේශයන්හි පදිංචි සිවිල් වැසියන් දහස් ගණනක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,  එක්සත් ජනපදයේ දැනට වාර්තා වී ඇති විශාලතම සක්‍රීයතම ලැව්ගින්න මෙය බවයි.

පැයට සැතපුම් 40 කට අධික වේගයෙන් හමාගිය සුළං හේතුවෙන්, ගිනි පොකුරු කිලෝමීටර් 1.5 තරම් දුරටක වියළි භූමියේ පැතිරගොස් තිබෙනවා. නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ලෙඩොක්ස්, මෝරා සහ ක්ලීව්ලන්ඩ් යන ගම්මාන ආරක්ෂා කරගැනීමට බලධාරින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්. මේ වන විට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට අයත් හෙක්ටයාර 104,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ.