බ්‍රසීලය හා ඉන්දියාව තවමත් කොවිඩ් අවදානමේ-දෛනික මරණ 500 ඉක්මවයි

බ්‍රසීලය හා ඉන්දියාව තවමත් කොවිඩ් අවදානමේ-දෛනික මරණ 500 ඉක්මවයි

අමෙරිකාවට පසු කොවිඩ් මරණ වාර්තා වන්නේ බ්‍රසීලය හා ඉන්දියාවෙන්.

එම රටවල දෛනික මරණ 500කට ආසන්නයි. එහෙත් අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවට ආසන්න අගයක් රුසියාවෙන් ද වාර්තා වෙයි. ඊයේ එරට 1100කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

රුසියාවේ සමස්ත කොරෝනා මරණ දෙලක්ෂ 36,000කට අධිකයි. රුසියාවේ සමස්ත ජනගහනයෙන් 32.7%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එන්නත්කරණය මන්දගාමී වීම රුසියාවේ මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවී ඇති බවයි. රුසියානු සෞඛ්‍ය අංශ වාර්තාවලට අනූව එරට 84 ලක්ෂ 32,000කට වැඩි කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබේ.