අමෙරිකාවට එන සංචාරකයින්ට නව නීති පැනවෙයි

අමෙරිකාවට එන සංචාරකයින්ට නව නීති පැනවෙයි

අමෙරිකාව සංචාරකයින්ට තම රට විවෘත කිරීමට තීරණය කිරීමත් සමග නව නීතිරීති රැසක් ජනාධිපති ජෝ බයිඩන් විසින් පනවා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය වසරේ කොරෝනා වෛරසය අමෙරිකාවේ ව්‍යාප්ත වීමත් සමග එරට සංචාරකයින් සඳහා සම්පූර්ණයෙන්ම රට විවෘත වන්නේ ප්‍රථම වරට වන අතර ඒ අනූව ලබන මාසයේ දී සංචාරකයින් සඳහා තම රට විවෘත කිරීමට අමෙරිකාව සූදානම් වෙයි. 

සියලුම සංචාරකයින් කොරෝනා එන්නත් ලබා සිටීම අවශ්‍ය බවත්, අමෙරිකාවට පැමිණීමට ගුවන් යානයට ඇතුලුවීමට පෙර එන්නත්කරණය පිළිබඳ ගුවන් සමාගම් විසින් පරීක්ෂා කළයුතු බවත්, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් අනුමත කරන ඕනෑම එන්නතක් ලබාසිටීම ප්‍රමාණවත් බවත් ධවල මන්දිරය නිකුත් කළ නව නීතිරීතිවල දැක්වෙන්නේ.

 වයස අවුරුදු 18ට අඩු දරුවන් එන්නත්කරණය සිදු කිරීම අනිවාර්ය නොමැති වුවත් නමුත් එම දරුවන් සංචාරය කිරීමට දින තුනකට පෙර ලබාගත් කොවිඩ් ආසාදනය නොවූ බවට දැක්වෙන් පරීක්ෂණ වාර්තාවන් ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි. අමෙරිකාවේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් එන්නත් කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතියි.

ළමා වෛද්‍ය විශේෂඥවරුන් මේ වන විට ඒ සඳහා අවශ්‍ය සාකච්ජා පවත්වන බවයි වාර්තා වන්නේ.