මාස 18 ක පසු ඕස්ට්‍රේලියාව ලෝකයටම විවෘත වෙයි

මාස 18 ක පසු ඕස්ට්‍රේලියාව ලෝකයටම විවෘත වෙයි

මාස 18ක කාල සීමාවකින් පසු පළමු වරට ඔස්ට්‍රේලියාව, විදෙස් සංචාරකයින් වෙනුවෙන් සිය දේශසීමා විවෘත කිරීමට එරට රාජ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

එම තීරණයත් සමඟ පූර්ණ එන්නත්කරණය කරන ලද සියලු විදෙස් සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අද (01) සිට අවස්ථාව හිමිවෙනු ඇති.

කොන්ටස් ගුවන් සේවයට අයත් ලොස් ඇන්ජලීස් සිට පැමිණි ගුවන් යානයක් සිඩ්නි වෙත ළගා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

මේ අතර විදෙස් සංචාරකයින් රැගත් සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද සිඩ්නි වෙත ළගා වී තිබේ

පූර්ණ එන්නත්කරණයට ලක් කරන ලද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට නිවෙස් නිරෝධායනයකින් තොරවම රට තුළ සහ ඉන් පිටත නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය