වසර 02 කට පසු ඔස්ට්‍රෙිලියානු දේශ සීමා සම්පූර්ණයෙන් ඇරෙයි

වසර 02 කට පසු ඔස්ට්‍රෙිලියානු දේශ සීමා සම්පූර්ණයෙන් ඇරෙයි

ඔස්ට්‍රෙිලියාව කොරෝනා වසංගතයෙන් පසු සිය දේශසීමා පසුගිය 21 වෙනි දින සම්පූර්ණයෙන් විවෘත කළා.

බලධාරින් පවසන්නේ, ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලියින්ට  21  වෙනි දින සිට ඔස්ට්‍රෙිලියාවට පැමිණිය හැකි බවයි. එරට දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කෙරුණේ, වසර 02 කට ප‍සුවයි. ඒ සමග "සිඩිනි" ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද දක්නට ලැබුණේ, ඉතා කාර්ය බහුල තත්වයක්.

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය පහවයාමත් සමග සති 03 ක කාලයකදී කොරෝනා ආශ්‍රිත රෝහල්ගතවීම් සැලකිය යුතු ලෙස අවම වී ඇති බව,  සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා. ඒ අනුව,  ඔස්ට්‍රෙිලියානු අග්‍රාමාත්‍යවරයා රට පුරා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.