විදේශයේ මාස 06කට වඩා ඉන්න බෑ- කුවේටය දැඩි තීරණය

විදේශයේ මාස 06කට වඩා ඉන්න බෑ- කුවේටය දැඩි තීරණය
කුවේටයේ විදේශ ශ්‍රමිකයින්ට මාස හයකට (06) වැඩි කාලයක් විදේශගතව සිටිය නොහැකි බවට තීරණයක් එරට රාජ්‍ය බලධාරීන් විසින් තහවුරු කර තිබේ. 
 
විශේෂයෙන් මෙම තීරණයට අනුව මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටින පෞද්ගලික අංශයේ විදේශිකයන්ගේ පදිංචිය සඳහා බලපත්‍ර අවලංගු කරන බව කුවේට් බලධාරීන් නිවේදනය කර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.
 
 
එමෙන්ම,කුවේටයෙන් පිටත රැඳී සිටීම මැයි 1 සිට ඔක්තෝබර් 31 දක්වා ගණනය කළ පසු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ ඉකාමා අවලංගු කරනු ඇති බවත් සඳහන්. 18 වැනි වගන්තියට අනුකූල ඉකාමාත් හිමි විදේශිකයන්ට මාස හයකට වඩා වැඩි කාලයක් කුවේටයෙන් පිටත රැඳී සිටීම තහනම් බව අමාත්‍යාංශය තවදුරටත් පෙන්වා දෙයි.
 

එසේම, dependent residency permits  ඇති විදේශිකයන්ට මාස හයකට වඩා වැඩි කාලයක් කුවේටයෙන් පිටත රැඳී සිටීම සීමා කිරීමට ඉඩ ඇති අතර, කලින් විවෘතව තිබූ රැඳී සිටීමේ ප්‍රතිපත්තිය අවසන් වේ.

“මානුෂීය සලකා බැලීම් මත පදනම්ව, Covid-19 වසංගතය පුපුරා යාමත් සමඟ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විදේශයන්හි රැඳී සිටින සියලුම විදේශීය පදිංචිකරුවන්ට ඔවුන්ගේ ඉකාමා අන්තර්ජාලය හරහා අලුත් කර විවෘත කාල සීමාවක් සඳහා රටෙන් [කුවේට්] පිටත රැඳී සිටීමට ඉඩ ලබා දී තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.