කුවේටය විදේශිකයින් බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කරයි

කුවේටය විදේශිකයින් බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කරයි
කුවේට් හි ගෘහාශ්‍රිත ශ්‍රම බඳවා ගැනීමේ ගාස්තුව සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
 
කුවේටය, ගෘහ ශ්‍රමිකයින්ගේ හිඟයක් සමඟ කටයුතු කිරීම හේතුවෙන් මෙම කාණ්ඩයේ සේවකයින් බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට මෙලෙස තීරණය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. කුවේටයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය Fahad Al Shuraian විසින් සංචාරක ප්‍රවේශපත්‍ර මිල හැර බඳවා ගැනීමේ ගාස්තු වෙනස් කරමින් මේවනවිට නියෝගයක්ද නිකුත්කොට තිබේ.
 

පිලිපීනයෙන් බඳවාගත් ගෘහ සේවිකාවක් සඳහා කොන්ත්‍රාත්තුවක් KD850 ලෙස සකසා ඇති අතර ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ සේවකයෙකු සඳහා කොන්ත්‍රාත් වටිනාකම KD700 සහ අප්‍රිකානු රටවල සේවකයි සඳහා  KD500ක් ලෙසද සංශෝධය කර ඇත.