සෞදියේ ඉලෙක්ට්‍රොනික ගෙවීම් මුදල් පසුකර යයි

සෞදියේ ඉලෙක්ට්‍රොනික ගෙවීම් මුදල් පසුකර යයි

සෞදි අරාබියේ ප්‍රථම වතාවට මුදල් තවදුරටත් පුද්ගලයන් විසින් වැඩිපුරම භාවිතා කරන ගෙවීම් ක්‍රමය නොවෙන බවත් ඊට සාපේක්ෂව විද්‍යුත් ගෙවීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවත් වාර්තාවෙයි.

පාරිභෝගික ගෙවීම් පුරුදු (මුදල් සහ මුදල් නොවන) සියල්ල හරහා තක්සේරු කිරීමේ අරමුණින් 2021 දී සෞදි අරාබියේ පරිශීලක ගෙවීම් ක්‍රම මැනීම සඳහා සිදු කරන ලද පුළුල් අධ්‍යයනයක සොයාගැනීම් මත පදනම්ව සෞදි මහ බැංකුව (SAMA) විසින් කරන ලද වාර්තාවකින් මෙය අනාවරණය වී ඇත.

මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එර වැසියන් මුදල් භාවිතා කරමින් ගෙවීම් සිදුකරනවාට වඩා වැඩි ප්‍රතිශතයක් විද්‍යුත් ගෙවීම් භාවිතයට හුරුව තිබෙන බවයි. විශේෂයෙන් එහිදී ආර්ථිකය සම්බන්ධ කටයුතු වලදී (ආහාර පාන මිලදී ගැනීමේ සිට උපකරණ මිලදී ගැනීම් ඇතුළු බොහෝ මිලදී ගැනිම්)ව්‍යාපාරික ගණුදෙනු වලදී මෙන්ම රාජ්‍ය අංශය පුද්ගලයන්ට, ව්‍යාපාරික ආයතනවලට හෝ වෙනත් රාජ්‍ය ආයතනවලට කෙරෙන සියලුම බාහිර ගෙවීම් සියල්ලක්ම පාහේ විද්‍යුත් ක්‍රම මඟින් ගෙවීම් සිදුකිරීමට මේවනවිට පරිවර්තනය වී ඇති බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම සෞදි අරාබියේ මූල්‍ය අංශයේ සංවර්ධන වැඩසටහ අනුව 2030 යටතේ -- 2025 වන විට 70%  මුදල් නොවන ගෙවීම් කරා ලඟා වීමෙන් සෞදි අරාබිය අඩු මුදල් සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සඳහන්.