දකුණු කොරියාවේ ලාංකිකයින් සිටි නවාතැනක ගින්නක්

දකුණු කොරියාවේ ලාංකිකයින් සිටි නවාතැනක ගින්නක්

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නවාතැන් ගෙන සිටි නේවාසිකාරයක අද ගින්නක් හටගෙන තිබේ.

මේ නේවාසිකාගාරය යොන්ගින් ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදනාගාරයක කර්මාන්ත ආයනයකට අයත් ය.

ගින්න හට ගත්තේ කොරියානු වේලාවෙන් අලුයම 2.30ට පමණයි.

ගින්න නිවා දැමීමමට පැය එක හමාරක පමණ කාලයක් ගත වී තිබේ.

පොලිතින් කර්මාන්ත ආයතනයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු පමණ ලැඟුම් ගෙන සිටියේ මෙම නේවාසිකාගාරයේය.

ගින්නෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වූ අතර සෙසු අයට ඉතිරි වූයේ ඇදිවත පමණි.