ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්
දෙසැම්බර් 18 යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් the Voice of migrants  ජාලයේ සාමාජිකයින් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.
 
එම මාධ්‍ය හමුව දෙසැම්බර් 16 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, සංක්‍රමණික කම්කරුවන් සඳහාවන කතෝලික කොමිසමේ අධ්‍යක්ෂ ඇන්ටන් ශ්‍රියාන් ගරු පියතුමා,  .ජාතික කම්කරු සංගමයේ භාණ්ඩාගාරික අමිතා අත්තනායක මිය, ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ කල්ප මධුරග, NTUF හි රුද්ද්‍රදීපන් මහතා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
 
වසංගත තත්ත්වය තුළ සංක්‍රමණික කම්කරුවන්ගේ තත්වය සහ ඔවුන්ගේ පවුල්වල තත්ත්වය පිළිබඳව රජය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලද අතර කම්කරු සංක්‍රමණය සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේ දී CSO සහ වෘත්තීය සමිති පිළිබඳ ජාතික උපදේශනය පිළිබඳ සකස් කරන ලද වාර්තාව මත පදනම්ව මෙහිදී නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රජාව දැනුවත් කරන ලදී.
 
මීට අමතරව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංක්‍රමණික සේවකයින් මුහුණ දී ඇති ගැටළු හා එම ගැටළු සම්බන්ධයෙන් රජයෙන් ලබාදෙන විසඳුම් මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමර්ග පිළිබඳවත් වැඩිදුරටත් සාකඡා කරන ලදී.