ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට මෙරටින් සහන

ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට මෙරටින් සහන

ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව  තිබෙන බව නිවේදනය කර තිබේ.

ඊට අදාල යෝජනාව සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන තිබෙන බවත් සඳහන්.