කොරෝනාවට යට නොවුන ඉතාලියේ මනුස්සකම

ලොවම වෙලාගත් ගෝලීය වසංගතයක් වූ කොවිඩ් නයින්ටින් වයිරසයෙන් අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ 'යුරෝපයේ පාරාදීසය' නම් වූ ඉතාලියේ මේවනවිට සිදුවන මානුෂීය ක්‍රියාවලිය අතිශයින් ම අගයකළ යුතුය.

ඉතාලියට පැමිණෙන සංක්‍රමිකයන් බහුතරයක් මෙරට ඉතාලි ජාතිකයන් ලෙසම රැකියා කරමින් සාමකාමී සමානාත්මතාවකින් යුතු ජීවිත ගතකරන අතර කරණු ලබන රැකියාවෙන් යැපීමට අපහසු අයට එමෙන්ම රැකියා විරහිත ආර්ථික ගැටලු ඇති අයට දෛනික ජීවිතය ගත කිරීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඇදුම් නොමිලේ සැපයීම සිදුවේ.

කොරෝනා වසංගතය සමග එසේ ලබා දෙන සහනසේවා සියයට එකසීය හැත්තෑනවයකින් ( 179%) ඉහල දමා ඇත.

https://www.facebook.com/180seconds/videos/192740069225326/?t=313

මෙවන් අර්බුදයක් අභිමුවේ ජාති ආගම් භේද කුළ හේද හා වර්ණ ගෝත්‍ර භේදයකින් තොරව මූලික මානව අයිතිවාසිකම් පෙරදැරිව කටයුතු කරන ආකාරය ඉතා ප්‍රසංසනීය ය.

විශාල වෙළද ප්‍රදර්ශනාගාර වලින් කල් ඉකුත් වීමට ආසන්න ( නීත්‍යානුකූලව හා විද්‍යාත්මකව එම දින තහවුරු කර ඇති අතර එ වෙනුවෙන් වගකීම් අදාල ආයතන දරණු ඇත) ආහාරද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව භාවිතයට සුදුසු තත්වයේදීම අවශ්‍යතා ඇති ජනතාවට විශේෂයෙන්ම විදේශිකයන් හට ලබාදේ.

මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අධ්‍යයනය කලහොත් ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානියෙන් අපතේ යන දහස් ගණනින් විනාශ වන එළවලු පළතුරු මෙන්ම වියළි ආහාර ද්‍රව්‍යද නිසි ක්‍රමවේදයක් යටතේ කොරෝනාවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට ලබාදීමට රොකට් සයන්ස් අවශ්‍ය නොවනු ඇත.

රුපියල් 5000 කින් මාසයක් ජිවත් වන්නැයි, පන්දහසක් දුන්නේ සතියෙන් වියදම් කරන්නදැයි ප්‍රශ්න කරන ජනතා නියෝජිතයන් සිටිනා ලංකාව වැනි රටක ජීවත්වන අහිංසක ජනතාවට කාගේ පිළිසරණක්ද?

සුමුදු මද්දුමආරච්චි, මිලානෝ - ඉතාලිය (ද ලීඩර්)