ඕමාන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

ඕමාන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමාජ මාධ්ය වීඩියෝ පටයේ අන්තර්ගතය පහත පරිදි පැහැදිලි කිරීමට අපේක්ෂා කරයි:

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2020.12.11 දින මුදල් ගෙවා නිරෝධායනය සඳහා යාමට තීරණය කළ ශ්‍රී ලංකිකයන් 290 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදී. ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ PCR පරීක්ෂණ සහ හෝටල් සඳහා ගාස්තු මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැන්පත් කළ අතර ඔවුන්ට නිල රිසිට්පත් නිකුත් කරන ලදී. ඔවුන් තානාපති කාර්යාලයේ තැන්පත් කර තිබූ මුදල් අදාළ රෝහල් හා හෝටල් වෙත ගෙවීම සඳහා 2020.12.13 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ගිණුමට මාරු කරන ලදී.

විරෝධතා දක්වන එම පිරිස ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වී හෝටලයෙන් පිටව යාමට පෙර අදාල ගෙවීම් සිදු කල හැකි වුවද, රජයේ ගිණුම්කරණ ක්‍රියා පටිපාටිය හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් එම හෝ‌ටල් සඳහා මුදල් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද වූ බැවින් වීඩියෝ පටයේ පෙනී සිටින ශ්‍රී ලංකිකයන් බියට පත්ව ඇති බව පෙනේ.

මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් එම ගෙවීම් සිදු කරමින් පවතී.

ඉහත සමාජ මාධ්‍ය වීඩියෝ පටය මහජනයා නොමඟ යවන බැවින් මෙම පැහැදිලි කිරීම නිකුත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්
23.12.2020