එමීරය ප්‍රථමවරට විදේශිකයන්ට පුරවැසිභාවය පිරිනමයි

එමීරය ප්‍රථමවරට විදේශිකයන්ට පුරවැසිභාවය පිරිනමයි

ඩුබායි එමිරේටයද ඇතුලත් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉත්හාසයේ ප්‍රථමවරට විදෙස් පුරවැසියන් සඳහා පුරවැසිභාවය ලබාදීමට තීරණය කර තිබේ. මේ අනුව ඩුබායි ප්‍රධානියා මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති ෂෙයික් මොහමඩ් බින් රෂිඩ් අල් මක්ටෝම් පවසන්නේ ආයෝජකයන්,විශේෂිත හැකියාවන් ඇති පුද්ගලයන් , වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් හා කලාකරුවන් මේ සඳහා සුදුසුකම් ලබන බවයි. මේ අයගේ පවුල්වල සාමාජිකයන්ද ඒ සඳහා සුදුසුකම් ලබනු ඇත. එහෙත් එරට වාසය කරන අඩු ආදායම් ලැබී විදෙස් සේවකයන් කිසිවෙක් මේ සඳහා සුදුසුකම් නොලබති.

මේ සඳහා කිසිදු අයදුම්පත්‍ර ක්‍රමයක් ඇති නොකරන අතර ඒසඳහා රජපවුල මගින් හෝ ඉහල නිලධාරීන් විවිධ පුද්ගලයන් නම් කල විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණය කරන්නට නියමිතය.

කොරෝනා වසංගතය සහ තෙල් මිල පහල යාමත් සමග දහස් ගණන් විදේශිකයන් රට හැර යාමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තීරණය ගෙන ඇත්තේ පුරවැසිභාවය ලබාදීම හරහා එවැනි පුද්ගලයන් රට තුල රඳවා ගත හැකිවනු ඇතැයි යන විශ්වාසය නිසාය.