එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොටසකට අගුළු වැටෙයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොටසකට අගුළු වැටෙයි
එක්සත් අරාබි එමීර් රාජ්යයේ කොටසකට අගුළු දැමීමට කටයුතු කරන බව අබුඩාබි හි හදිසි ආපදා කමිටුව නිවේදනය කර තිබේ.
 
එම තීරණයට අනුව 2021 ජූලි මස 19 සිට එනම් ඊයේ දිනයේ සිට අර්ධ වශයෙන් අගුළු දැමීම සිදුකරන බවයි සඳහන්ව ඇත්තේ.
 
කොරෝනා නව ප්රභේද පැතිරීම පාලනයකර ගැනීමේ මූලික අරමුණින් රට අර්ධ වශයෙන් අගුළු දැමීම සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අබුඩාබි මාධ්ය කාර්යාලය වැඩිදුරටත් දැනුම්දෙයි.
 
ගමනාගමන කටයුතු සීමා කරන බවත්,හදිසි අවශ්යතාවයකට පමණක් නිවෙස්වලින් බැහැරව යන ලෙසත් අබුඩාබි හදිසි ආපදා කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.