විදේශයේ සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නොමිලේ රුපියල් 50,000

විදේශයේ සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නොමිලේ රුපියල් 50,000
කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවේ නියුක්තව සිට මේ වනවිට ශ්රී ලංකාවට පැමිණි ශ්රමිකයන් ජාතික ආර්ථිකයට එකතු කිරීම සදහා නොමිලේ රුපියල් 50,000/=ක ( රු 25,000 බැගින් අවස්ථාවන් දෙකකදි ) උපරිමයකට යටත්ව ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කර තිබේ.
 
ඒ අනුව,පහත සදහන් තත්වය ඔබට හෝ ඔබ දන්නා විදේශ රැකියාවේ නියුක්තව සිට මේ වනවිට ලංකාවට පැමිණි අය, මෙම ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනට ඇතුලත් වේ.
 
  •  කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවේ නියුක්තව සිට වසර පහක් (05) ඇතුලත ලංකාවට පැමිණ ස්වයං රැකියාවක් ආරම්භ කර පවත්වා ගෙන යන අයෙකු වීම.
  • එම ස්වයං රැකියාව සදහා අවශ්යව වන උපකරණ මිලදී ගැනීමට සුදුසු ආර්ථික මට්ටමක් නොතිබීම.
  • විදේශ රැකියාවේ නියුක්තව සිටි අය විසින්ම එම ස්වයං රැකියාව පවත්වා ගෙන යෑම (එහෙත් විදේශ රැකියාවේ නියුක්තව සිටි අය, යම් ශාරීරික අබාධයක් හේතුවෙන් එම ස්වයං රැකියාව පවත්වා ගෙන යෑමට හැකියාවක් නොමැති අවස්ථාවකදී කාලයාත්රායා (බිරිඳ හෝ සැමියා) විසින් පවත්වා ගෙන යෑම )
 
ඉහත සදහන් තත්වය ඔබට හෝ ඔබ දන්නා විදේශ රැකියාවේ නියුක්තව සිට මේ වනවිට ලංකාවට පැමිණි අයට තිබේනම්,
 
ඔබගේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් මෙම අයදුම්පත ලබා ගැනීමට හැකියාව තිබේ.
 
නැතහොත් එම නිලධාරී වෙතට, මෙම අයදුම්පත සම්පුර්ණ කර භාර දෙන්න.
 
භාර දුන් බවට අයදුම්පත් පිටපතක අත්සන් කර ගන්න.
 
එසේම, දින දාහතරක් (14) තුලදී එම නිලධාරියා ඔබගේ ස්වයං රැකියා ස්ථානය පිලිබදව පරීක්ෂාවක් නොකළහොත්, ඔබ විසින් සකස් කල ඉල්ලීම් ලිපියක් සහා එම අත්සන් කල අයදුම්පත් පිටපතක් පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.
 
අතිරේක සාමාන්යාධිකාරී - ආයතනයික කටයුතු,
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ,
අංක 234,
ඩෙන්සිල් කොබ්බැකඩුව මාවත,
කොස්වත්ත,
බත්තරමුල්ල.
 
(ඔබ දන්නා විදේශ රැකියාවේ නියුක්තව සිට මේ වනවිට ලංකාවට පැමිණි ඉහත සුදුසුකම් අයට මෙම පණිවිඩය යොමු කරන්න.)