කුවේටයේදී ඔබ කොවිඩ් එන්නත ලබා ගත්තාද? මේ තොරතුරු අනිවාර්යෙන් දැනගන්න

කුවේටයේදී ඔබ කොවිඩ් එන්නත ලබා ගත්තාද? මේ තොරතුරු අනිවාර්යෙන් දැනගන්න
කුවේටයේදී ඔබ කොවිඩ් එන්නත ලබාගත් අයෙක් නම් මේ තොරතුරු අතිශය වැදගත් වෙනු ඇත.
 
යම් විදේශිකයෙක් කුවේටයේදී කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව පමණක් ලබා ගෙන සිය රටට ගියහොත් ඔහුට නැවත කුවේටයට ඇතුළුවීමට අවසර හිමි නොවෙන බව කුවේට් රජය විසින් නිවේදනය කර තිබේ.
 
කුවේටය තුළදී කොරොනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට සිය රටට ගියද නැවත කුවේටයට ඇතුළු වීම සඳහා කිසිඳු බාදාවක් නොමැථි බවත් රජය එහිදී දැනුම්දී ඇත.
 
එනමුත් එන්නත් එක් මාත්‍රාවක් පමණ ගෙන යම්කිසි කෙනෙකු කොරෝනා ආසාදනය වී තම රටට ගිය විට දෙවනි මාත්‍රාව   තම රටෙන් ලබාගෙන එම දත්ත කුවේට් සෞඛ්‍යය අමාත්‍යාංශය වෙබ් අඩවිය තුලට ඇතුලත් කිරීමෙන් අනතුරුව නැවත කුවේටයට පැමිණීමේ හැකියාව ඇති බවයි සඳහන් වෙන්නේ.
 

තවද කුවේට් රජය විසින් අනුමත කර ඇති කොවිඩ් එන්නත තම රට තුල ලබාගෙනද කුවේටයට ඇතුල්වීමට හැකියාව පවතින බවත් සඳහන්.

ඔබත් කුවේටයේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන අයෙක් නම් හෝ කුවේටයට යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු අතිශය වැදගත් වෙනු ඇත.