එතෙර සිට එන අයට අලුත් නීති ගෙනෙයි -විස්තර දැනගන්න

එතෙර සිට එන අයට අලුත් නීති ගෙනෙයි -විස්තර දැනගන්න
විදෙස්ගත්ව සිට මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
 
මෙම නව නීති පසුගිය 19 වෙනි දින සිට බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක වන අතර නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්විය යුතු බව සඳහන්.
 
අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වන අතර පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකු පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බවත් නව උපදෙස් මාලාවේ ඇතුළත්.
 

තවදපී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති අයකු නම් දින 14 ක කාලයක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍යවන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.