විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවන් සීමා වෙයි

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවන් සීමා වෙයි

ලබන 30වැනිදා තෙක් රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කළ බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය මෙම අගුලු දැමීමේ කාලය තුළ දී අමුත්තන් සඳහා වසා තැබෙන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සිද්ධීන් සහ අපනයන ලිපි ලේඛන හා අදාළ සහතික යනාදිය සහතික කිරීම යන කොන්සියුලර් සේවාවන් පමණක්, දැඩි ලෙස කලින් වේලාව වෙන් කර ගැනීමේ පදනම යටතේ පමණක් සපයනු ලබන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මඟින් ද විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සේවා සපයනු ඇත.

වේලාවක් වෙන් කරවා ගැනීම සඳහා 011 2335942011 2338812 යන දුරකථන අංක මඟින් හෝ Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser. විද්‍යුත් තැපෑලෙන් කොන්සියුලර් කටයුතු අංශය සම්බන්ධ කර ගත හැකි බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී.