ලාංකිකයින් 93 දෙනෙක් ඇෆ්ඝනිස්ථානයේ සිර වෙයි

ලාංකිකයින්  93 දෙනෙක් ඇෆ්ඝනිස්ථානයේ සිර වෙයි

ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනෙකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

මීට පෙර එරට සිට ලාංකික ශ්‍රමිකයින් පිරිස 43 දෙනෙකු බව පැවසුනද , පවතින තත්ත්වය හමුවේ ලාංකික 93 දෙනකු මේවන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හමුවේ ලියාපදිංචි වී සිටින බවද තානාපතිවරයා සදහන් කළේය.

මෙම පිරිසෙන් 35 දෙනකු පමණ මේවන විට ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටින බවද පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබද ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙසේද පැවසීය.

''මුලින්ම අපට තහවුරු වූයේ ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු එරට රැඳී සිටින බවයි. එක්සත් ජාතීන් සංවිධානය හා ඒ හා සම්බන්ධ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන , වෙළඳ ආයතනයන්හී මෙම පිරිස් සේවය කරන බව තහවුරු වුවා.මුලින්ම ලංකාවේ අය 300 කට ආසන්න පිරිසක් එරට රැදි සිට තිබෙනවා.2020 දෙසැම්බර් වනවිට එම සංඛ්‍යාව 250 ක් වූ බවට තොරතුරු ලැබුනා.නමුත් පසුකාලීන ඇමෙරිකා කදවුරු ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමග ඒ ආශ්‍රතව කටයුතු බොහෝ ලාංකිකයින් නැවත ලංකාවට පැමිණී තිබෙනවා.

මූලාශ්‍රය -ලංකාදිප