විදෙස් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඉක්මනින් කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න

විදෙස් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඉක්මනින් කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී.

ඒ අනුව විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416ක මුදලක් අය කරගන්නා අතර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන පුද්ගලයින් රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ඔහු ගමන් කරන රට අනුව අදාළ එන්නත ලබාදීමට පියවර ගන්නා බවද . එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.

ගාස්තු අය කිරීමකින් තොරව ශ්‍රමිකයෙකුට එම ලියාපදිංචිය කාර්යාශයට ලබා දිය නොහැකි බවත් , එසේම රැකියා සඳහා යන බවට තහවුරු කිරීමක් නොමැතිව ශ්‍රමිකයින් එන්නත්කරණය සදහා යොමු කළ නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.