රජයෙන් නව වීසා ක්‍රමවේදනයක් හඳුන්වා දෙයි -විස්තර කියවන්න

රජයෙන් නව වීසා ක්‍රමවේදනයක් හඳුන්වා දෙයි -විස්තර කියවන්න

ඩිජිටල් සංචාරක වීසා (Digital Nomad Visa) නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියා සිටී.

විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට මෙම නව වීසා ක්‍රමවේදය යටත් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය.

මෙහිදී වීසා හරහා මෙන්ම අදාළ පුද්ගලයාගේ වැටුප ද මෙරටට පැමිණී වියදම් කිරීම තුළින් එම මුදල් ද රට තුළ සංසරණය වීමක් සිදු වන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය.

මෙම අවස්ථාවේ රට තුළට විදේශ විනිමය ලබා ගැනීමේ කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, ඇය වැඩිදුරටත් කීවාය.

දුරස්ථව රැකියා කළ හැකි සහ දිගු කාලයක් මෙරට රැඳී සිටින විදේශීය අමුත්තන් සඳහා වසරක් දක්වා වීසා ලබා දීමට යෝජිතව ඇත.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය එහි තිරසාර උපාය මාර්ගයන්හි කොටසක් ලෙස ඩිජිටල් සංචාරක වෙළෙඳපොළ පුළුල් කිරීම යටතේ මෙම නව වීසා පහසුකම් සැලසීමට සංචාරක අධිකාරිය අප්ක්ෂා කරයි.