මිනිස් ඡාවාරමේ නිරතවූ මහ මොලකරුවෙකු පොලිස් දැලේ

මිනිස් ඡාවාරමේ නිරතවූ මහ මොලකරුවෙකු පොලිස් දැලේ

2012 වසරේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමේ ජාවාරමේ මහමොලකරුවකු වශයෙන් කටයුතු කළ නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජියකු වු “නේවි කමල්” වසර 9 ට පසු  පස්සර දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සදහා නීතිපතිවරයා නියෝග නිකුත් කරඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් ව්‍යාජ නම් වලින් සහ ලිපින වල වසර 9 ක පමණ කාලයක් සැගව සිට ඇති බවත්, මොහු ඔහුගේ බිරිදගේ පියාගේ සුවදුක් බැලීම සදහා පස්සරට ගොස් සිටියදී ලැබුණු තොරතුරු මත ඉකුත් (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මොහු නාවික හමුදා බුද්ධි අංශයේ රැකියාව කරමින් සිටියදී මෙම නිතිවිරෝධී ජාවාරම මෙහෙයවා ඇති බවත්, මේ සදහා නාවික හමුදාවේ ඇතැම් පිරිසගේ සහය මොහුට ලැබී ඇති බවට තොරතරු හෙළිව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

2012. ජුනි මස 7 වැනි දින නීති විරෝධී ලෙස 87 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මීගමුවේ සිට තරුෂ පුතා නැමැති බහුදිය යාත්‍රාවෙන් ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගොස් ඇති අතර එම යාත්‍රාව අතර මගදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු අන්තෝනි නැමැති බහුදින යාත්‍රාව යවා එම පිරිස ඕස්ටෙලියාව බලා රැගෙන ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.