එක්සත් අරාබි එමීර් රාජ්‍ය කොවිඩ් නව නීති පනවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කොවිඩ් නව නීති පනවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නව නීති හඳුන්වා දීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ පනවා ඇති කොවිඩ් නීතිරීති සඳහා සමච්චල් කෙරෙන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයේ පළ කිරීම හෝ වසංගතය අතරතුර ජනතාව නොමගයවන තොරතුරු බෙදාහැරීම සිදු කළ හොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ දඩ මුදලක් පැනවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔබත් එමීරයේ සිටින අයෙක් නම් අතපසුවීමකින් හෝ මෙවැනි වැරදි නොකරන්න.සෞඛ්‍ය උපදෙස් අකුටටම පිළිපඳිමින් වෛරසයෙන් ආරක්ෂා වෙන්න.