මෙරට සිටින යුක්‍රේනුවන්ගේ වීසා කාලය දිගු කිරීමේ තීරණයක්

මෙරට සිටින යුක්‍රේනුවන්ගේ වීසා කාලය දිගු කිරීමේ තීරණයක්

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (28) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබෙන බව වාර්තාවේ.

අදවනවිට මෙරටට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයන් හාර දහසක් පමණ මෙරට රැඳී සිටින බවයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ.



 වැඩබිම තවත් පුවත් කියවන්න...