මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයින්ගෙන් ලංකාවට පැසසුම්

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයින්ගෙන් ලංකාවට පැසසුම්

සංචාරය සඳහා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතිකයින් පිරිසක් ශ්‍රී ලාංකික ප්‍රජාවට කෘතඥතාවය පල කිරීම සඳහා සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් ඊයේ (2) පෙරවරුවේ කොළඹ සර් බාරොන් ජයතිලක  මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ඔවුන් ඉටි පහන් දල්වා නිහඬ විරෝධතාවයේ නිතර වූහ.

සිය රටට එරෙහිව රුසියාව ආරම්භ කර ඇති යුද්ධය නවතා දමන ලෙසත්,  ශ්‍රී ලංකා රජය මගින් සිය සංචාරක වීසා මාස දෙකකින් දීර්ඝ කිරීමට සහ ශ්‍රී ලාංකිකයින් ඔවුනට ඉතාමත් මිත්‍රශීලීව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් ආගන්තුක සත්කාර උපරිම අයුරින් ඉටුකිරීම පිළිබඳවත් ඔවුහු මෙහෙදී සඳහන් කළහ. ‍