ලාංකිකයින් 20 දෙනෙකු යුක්රේන දේශසීමාවෙන් එළියට එයි

ලාංකිකයින් 20 දෙනෙකු යුක්රේන දේශසීමාවෙන් එළියට එයි
යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 20 දෙනෙකු යුක්‍රේන දේශසීමා පසුකරමින් පෝලන්ත සහ හංගේරියාවට පැමිණ තිබෙනවා. 
 

යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි  ශ්‍රී  ලංකා තනාපති එම් ආර් හසන් පැවසුවේ තවත් යුක්‍රේනයේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පෝලන්ත, ස්ලෝවැකියා සහ රුමේනියා දේශසීමා වෙත ළගාවෙමින් සිටින බවයි.

කෙසේවෙතත් එලෙස පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුනොවන බවද තානාපතිවරයා සඳහන් කළා. ඊට හේතුවී ඇත්තේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් යුක්‍රේන ජාතිකයින් සමඟ විවාහ වී එරට තුළ ස්ථිර පදිංචිකරුවන් ලෙස ජීවත්වූ අය වීම බවද යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි  ශ්‍රී  ලංකා තනාපතිවරයා පැවසීය.



 වැඩබිම තවත් පුවත් කියවන්න..