ගුවන් ටිකට් මිල ඉහළ නඟී

ගුවන් ටිකට් මිල ඉහළ නඟී

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ