සෞදි විදේශ ඇමති දිවයිනට එයි

සෞදි විදේශ ඇමති දිවයිනට එයි

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ඔවුන් සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර එම පිරිස අද සවස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව යාමට නියමිතය.