ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියා සඳහා පිටත්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා නොමිලේ හිමිකම් ලබන රක්ෂණය සඳහා ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබෙන නමුත් ඒ පිළිබඳව විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ නොදැනුවත්කම කම සහ නොසැලකිලිමත් භාවය හේතුවෙන් විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සඳහා රක්ෂණ හිමිකම් ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපහසුතාවට ලක්වූ අවස්ථා තිබේ.
එබැවින්,රක්ෂණ හිමිකම් ඉල්ලීම් අයදුම්පත සහ ඉදිරිපත් කළයුතු තොරතුරු සහ විස්තර ලේඛන පිටපතක් ඔබගේ හෝ ඔබ දන්නා විදේශ රැකියා කරන ශ්‍රී ලාංකික අයව දැනුවත් කිරීමට කාරුණිකව සටහන් කරමු :
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රක්ෂණ හිමිකම් සදහා කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු අවස්ථා වලදී වන්දි ලබා දීම සිදු කරනු ලබයි.
උදා.
* කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,(රැකියාවේ සිටින කළ සීමාවේදී ලබාගත් වෛද්‍ය වාර්තා,රෝග නිශ්චිත කිරීමේ පත්,ඉදිරිපත් කිරීමට සිදුවන බැවින් එම ලේඛන සහ ශ්‍රී ලංකාවට පැමිණි පසුව ගන්නා ලද වෛද්‍ය වාර්තාද ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.)
හිරිහැර සහ කරදර ,(කාර්යාංශයට ,තානාපති කාර්යාලයට ,ලිඛිතව පැමිණිල්ලක් කර තිබිය යුතුය.),
ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවූවහොත් - විගමණික ශ්‍රමිකයාට, (ආබාධිත අයට රු 400,000/=දක්වා,
(මෙම සිද්ධින් යටතේ ශ්‍රී ලංකාවට පැමිණීමට ලබා ගන්නා ගුවන් ටිකට් පත මිලදී ගත් රිසිට් පත,ඉන්වොයිස් පත්,ගුවන් ටිකට් පත හෝ ගුවන් යානාව සඳහා boarding pass පිටපත් ඉදිරිපත් කිරීමෙන් ගුවන් ටිකට් පත් වියදම් ලබා ගැනීමට හැකියාව තිබේ. )
*එම ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළ සිදුවු මරණයකදී, - යැපෙන්නන් සඳහා(රු 600,000/= දක්වා )
* කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවි මාස තුනක් (03)තුළදී ලංකාවේදී විගමණික ශ්‍රමිකයා මරණයට පත්වූවහොත්,- යැපෙන්නන් සඳහා (රු 250,000/= දක්වා )
**ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළදී ලංකාවේ සිටින යැපෙන්නන් හදිසි අනතුරු තත්ත්වය මත රෝහල් ගතව ප්‍රතිකාර සඳහා ප්රතිලාභ
* *යැපෙන්නෙකු හදිසි අනතුරු මත මරණයක් සිදු වුවහොත් ප්රතිලාභ
මෙම ප්රතිලාභ සඳහා ලියාපදිංචිය ලද අය ලංකාවට පැමිණි දින සිට මාස පහක් (05)තුළදී හෝ සිදුවීම වු දින සිට මාස තුනක් තුළදී විගමණික සේවකයින් හෝ ලියාපදිංචිය ලද අයගේ විදේශ මරණය සිදුවු දින සිට මාස පහක් තුළදී පවුලේ අයෙකු විසින් වන්දි ඉල්ලීමක් සිදු කරන අවස්ථා වලදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
රක්ෂණ හිමිකම් සදහා කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර විදේශ සේවා නියුක්තියේ සිටින ශ්‍රී ලාංකිකයන්,මෙම ලියාපදිංචිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් හෝ ලංකාවේ සිටින අයෙකු ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගමන් බලපත්‍රයේ ඡායාරූප පිටුවේ පිටපතක්,visa සටහන් පිටුවේ පිටපතක් හෝ work permit පිටපතක් සමඟ ලංකාවේ සිටින අය වෙතට තම ලියාපදිංචිය අලුත් කිරීම වෙනුවෙන් බලය පැවරීම කළ ලිපියක් යොමු කිරීමෙන් (රුපියල් 3200/= සහ බඳු ) ගෙවීම් කර ලියාපදිංචිය දීර්ඝ කිරීමට හැකියාව තිබේ.
එමෙන්ම ඉහත සදහන් සිද්ධිය සම්බන්ධයෙන් එම කාලසීමාව තුළදී තානාපති කාර්යාලයට හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිඛිතව පැමිණිල්ලක් කර තිබිය යුතු අතර සියළු වැඩි විස්තර සහ තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් හෝ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියළුම පළාත් කාර්යාලයන් සහ පුහුණු මද්යස්ථානයන්හී කලමනාකරු හෝ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි.
කලමනාකරු ( සුභසාධන),
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
කාර්යාංශයේ වෙබ් අඩවියෙහි www.slbfe.lk
අන්තර් ජාලය ආශ්‍රිතව මාර්ග ගතව තොරතුරු සහ පැමිණිලි (online complain) කිරීමට අවස්ථාව තිබෙන අතර, එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
24 පැය විශේෂ විගමණික සම්පත් මද්‍යස්ථාන දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
Hot line 1989
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
ස්කයිප් : inforcenter_slbfe
Facebook: විගමනික සම්පත් මද්‍ය ස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )
(විදේශ රැකියාවක නිරත ශ්‍රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)