රටවල් රැසක රටවිරුවන් රට වෙනුවෙන් සිය හඬ අවදි කරයි.

රටවල් රැසක රටවිරුවන් රට වෙනුවෙන් සිය හඬ අවදි කරයි.

රට තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය හා ආණ්ඩු විරෝධී ජන රැල්ලට සහයෝගය දක්වමින් ලෝකයේ රටවල් කිහිපයක වෙසෙන ලාංකික ප්‍රජාව ඊයේ (03) විරෝධතා සංවිධානය කර තිබුණි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන්,පර්ත්,කැන්බරා සහ හෝබාට් යන නගරවල මෙන්ම නවසීලන්තයේ ඔක්ලන්ට් නගරයේදීත් ඊයේ දිනයේ දැවැන්ත උද්ගෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණි.
 
පසුගියදා මිරිහානේ පැවති විරෝධතාවයට එක්ව සිටි පිරිස් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම,හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම,හා පාලකයින් මහජන දේපළ සූරාකෑම ආදී විවිද ක්‍රියාකාරකම් වලට එරෙහිව සහ සමස්ථ ජාතියම මුහුණ දී ඇති ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුදයෙන් රට ගොඩ නැගීමට එක්වෙන ලෙස ආරාධනා කරමින් මෙම විරෝධතාවයන් සංවිධානය වී තිබුණි.
 

ඊට අමතරව මෙරට දියත්කරන උද්ඝෝෂණවලට සහය දක්වමින් ජපානයේ සහ දකුණු කොරියාවේ වෙසෙන ලාංකිකයින්ට විරෝධතාවයේ නිරත වී තිබේ.

3

එමෙන්ම ජර්මනියේ සහ ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් රැසක වෙසෙන ලාංකියයින් විශාල පිරිසක්ද සිය විරෝධතාවය ප්‍රදර්ශනය කර තිබේ.