ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක් තාවකාලිකව වසා දමයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක් තාවකාලිකව වසා දමයි

කැබිනට් අමාත්‍ය තීරණයකට අනුව, රටවල් කිහිපයක ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව, නොර්වේ හි ඔස්ලෝ අගනුවර හා ඉරාකයේ බැග්ඩැඩ් හි පිහිටි තානාපති කාර්යාල මෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සුල් කාර්යාලය 2022 අප්‍රේල් 30දා සිට ක්‍රියාත්මක වන පරිදි වසාදැමෙනු ඇත.

මේ තත්ත්වය යටතේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සමගාමීව නෝර්වේ හි කොන්සුල් වැඩකටයුතු සිදුකිරීමට නියමිත අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ඊට සමාගමීව ඉරාකයේද වැඩකටයුතු සිදුකරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මීට අමතරව, සිඩ්නි හි කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් කටයුතු කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමුකෙරෙනු ඇත.