විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද සිට යලි ක්‍රියාත්මකයි

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද සිට යලි ක්‍රියාත්මකයි

පරිගණක පද්ධතියේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (09) සිට සාමාන්‍ය සේවය යටතේ යළි ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේවෙතත් එක්දින සේවය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනයේදී භාර ගැනීමට කටයුතු කරනු ලබන්නේ මැයි 05, 06 සහ 09 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 05 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණී.

එමෙන්ම හෙට (10) සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත පිවිස හෝ 070 යි 710 යි 10 යි 60 යන දුරකතන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ හැක.