ඉතාලිය එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ඉතාලිය එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

වසර 70 කට පසු මුහුණදෙන දරුණුම නියඟය හේතුවෙන් ඉතාලි රජය ඊයේ (05) එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉතාලියේ තුනෙන් එකක ප්‍රදේශයකට මෙම නියඟය දරුණු ලෙස බලපා තිබෙන අතර කිලෝමීටර 650 ක දිගින් යුත් එරට දිගම ගංඟාව වන පෝ ගංඟාවද නියඟය හේතුවෙන් මේවනවිට සිඳීගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.