කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකික ඔබට විශේෂ නිවේදනයක්!

කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකික ඔබට විශේෂ නිවේදනයක්!
කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත්කර තිබේ.සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...
 
ඔබට, ඔබගේ හාම්පුතා විසින් ලබා දියයුතු පාරිතෝෂිකය සම්බන්ධව කෙරෙන දැනුවත් කිරීමයි
 
2015 අංක 68 දරණ ගෘහස්ථ සේවය පිළිබද කුවේට් නීතියේ 23 වැනි වගන්තිය අනුව, ඔබගේ ගිවිසුම්ගත කාලය වන වසර දෙක, සම්පූර්ණයෙන්ම ඔබගේ ලියාපදිංචි ස්වාමියා වෙතම ඔබ සේවය සපයා ඇත්නම්, සේවය කරන ලද සෑම වසරකටම, ඔබගේ මාසික වැටුපට සමාන මුදලක් පාරිතෝෂිකය වශයෙන් ලැබීමට ඔබට හිමිකමක් ඇත.
 
උදාහරණයක් ලෙස ඔබ මසකට කුවේට් ඩිනාර් 120 ක වැටුපක් ලබන්නේ නම් සහ වසර දෙකක් අඛණ්ඩව ශ්රී ලංකාවට නොගොස් එකම හාම්පුතා යටතේ සේවය කලේ නම්, ඔබට හාම්පුතා විසින් ඩිනාර් 240 ක මුදලක් පාරිතෝෂිකය ලෙස ගෙවිය යුතුය.
 
සේවා කාලය අවසන් කොට ශ්රී ලංකාවට යාමට හාම්පුතා විසින් ලබා දෙන ගුවන් ටිකට් පතට අමතරව මෙම පාරිතෝෂිකය හාම්පුතා විසින් ඔබට ගෙවිය යුතුය.
 
ඔබගේ සේවා කාලය අවසන් වී කුවේට් රටින් පිටව යෑමට පෙර එය ලබාගත යුතුය.