කුඩා දරුවෙකු ඇතුළු 8ක් ඉන්දියාවට පැනලා

කුඩා දරුවෙකු ඇතුළු 8ක් ඉන්දියාවට පැනලා
අනාරක්ෂිත ඔරුවක් මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවට පළා ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඇතුළු 8 දෙනෙකු අනාරක්ෂිත අයුරින් මෙලෙස ඔරුවක ආධාරයෙන් යාපනයේ සිට ඉන්දියාවට පලා  ගොස් ඇත.
 
මෙලෙස පලා ගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක පිරිසකි.
 
යාපනයේ සිට ඉන්දියාවට පලා ගිය මෙම පිරිස ගමන් කළ ඔරුව අතහැර ධනුස්කොඩි මුහුදු වෙරළට ළඟාවීමෙන් පසුව ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ධනුස්කොඩි පොලීසීය වෙත බාර දී තිබේ.
 
ධනුස්කෝඩි පොලීසිය හා‍ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.