අතේ ඇති එතෙර මුදල් බැංකුවට දෙන්න පොදු සමා කාලයක්

අතේ ඇති එතෙර මුදල් බැංකුවට දෙන්න පොදු සමා කාලයක්

මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින්, තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක් ලබා දී තිබෙන බව වාර්තා වේ.

මෙම පොදු සමා කාලය 2022.08.15 දින සිට මසක කාලයකට ක්‍රියාත්මකය. ඒ අනුව අදාළ මුදල්,

i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ

ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට