අනඟි වැටුපකට සාත්තු සේවයට රට යන්න ඉන්න අයට සුබ ආරංචියක්!

අනඟි වැටුපකට සාත්තු සේවයට රට යන්න ඉන්න අයට සුබ ආරංචියක්!

වසර තුතක හෝ පහක හෝ ඊටත් වැඩි කාලයකට සාත්තු සේවයේ රැකියාවකට විදෙස්ගත වන කිසිවකු නැවත විදෙස් ගත වීමට අදහස් නොකරන ලෙසත්, තමන් ලබන ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගෙන ඉහළ මට්ටමේ සාත්තු සේවා ආයතන ආරම්භ කරන් ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සහ සහාය දීමට රජය සූදානම් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

ඔහු මේ බව ඊශ්‍රායලයේ නිවාස ආශ්‍රිත සාත්තු සේවාව සදහා පිටත්ව යන 13, 14 සහ 15 වැනි කණ්ඩායම්වල රැකියා අපේක්ෂකයන් අමතමිනි. මෙම කණ්ඩායමට ශ්‍රමිකයින් තිස් තුන් දෙනෙක් ඇතුළත් විය.

එම කණ්ඩායම අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය. “ඔබ රැකියාව අවසන් කරලා ආපහු එන දවසක නැවත රැකියාවක් කරන්න හිතන්න එපා. තවත් කෙනකුට රැකියාවක් දෙන ව්‍යවසායකයෙක් වෙන්න. සාත්තු සේවය කියන්නේ ලෝකයේ ඉහළම ඉල්ලුමක් සහ පිළිගැනීමක් තියෙන ක්ෂේත්‍රයක්. සාත්තු සේවයෙන් ඩොලර් ගේන්න විදෙස්ගත වෙන්නම ඕනේ නෑ. ඔබ ආපහු ඇවිත් ඔබේම කියලා සාත්තු සේවා ආයතනයක්, පුහුණු පාසලක් ආරම්භ කරන්න දැන්ම ම සැලසුම්කර ගන්න. ඔබ ලබන ජාත්‍යන්තර අත්දැකීම් මගින් ඉහළ ප්‍රමිතියේ සේවා සපයන ආයතනයක් ආරම්භ කරන්න ඔබට හැකිවෙයි. ඒ වගේ ආයතනයක සැදෑ සමය ගෙවන්න ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියෝ බලාගෙන ඉන්නවා. ඔබට පුළුවන් ඒ හරහා අනාගතයේ රටට ඩොලර් උපයන්න.”

12