සෞදියේ සිට පැමිණි කතකගෙන් අපූරු තෑග්ගක්

සෞදියේ සිට පැමිණි කතකගෙන් අපූරු තෑග්ගක්
සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය පුවතක් කළුතර පොලිසියෙන් වාර්තා වේ.
 
කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. ශාන්ත අප්පුහාමි යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.
 
අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක ගුවන් යානයේදී, හඳුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි  බවත් පැමිණිලිකරු පොලීසියට පවසා තිබේ.
 
එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත්, නැවත නොපැමිණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කියයි.