විදෙස්ගත ශ්‍රමිකයින් ගැන වගකීමක් රංජන් බාරගනියි

විදෙස්ගත ශ්‍රමිකයින් ගැන වගකීමක් රංජන් බාරගනියි
විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක  විසින් බාරගෙන තිබේ.
 
ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්  රන්ජන් රාමනායක විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් මෙවැනි තනතුරක් පිරිනමන බව ප්‍රකාශ කර තිබිණි.
 
රන්ජන් රාමනායක සිරගතවීමට ප්‍රථම පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර  සහ ආධාරකරුවන් සමග ගිය අතර එහිදී මනුෂ නානායක්කාර විසින්  අදාළ තනතුර නිල වශයෙන් පිරිනමා ඇත.
 
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ද, පැමිණි අතර තම අසල්වැසියා නිදහස් වීම ගැන සතුට පළ කරන බව විමලවීර දිසානායක එහිදී පැවසීය.