බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල් කිහිපයක් ලංකාව ගැන අලුත් තීරණයක

බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල් කිහිපයක් ලංකාව ගැන අලුත් තීරණයක

බ්‍රිතාන්‍ය , ස්විට්සර්ලන්තය,නෝර්වේ හා ප්‍රංශය රාජ්‍යය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ සංචාරක උපදේශන ලිහිල් කර තිබේ.

මෙරට තුළ ක්‍රියාත්මක හදිසි නීතිය  පසුගිය 27 වෙනි දිනෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක උපදේශනය ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.

නමුත් මෙරට සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරට රජය දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

නෝර්වේජියානු රජය ද ශ්‍රී ලංකාව සඳහා වූ සංචාරක උපදේශනය ඉවත් කර ඇති අතර නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලට එරෙහිව උපදෙස් දුන් සංචාරක උපදේශනය අවලංගු කර තිබේ.

රටේ ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී පෙළපාලි, ඇඳිරි නීතිය සහ හදිසි නීතියේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංචාරක උපදේශනය මැයි 11 වන දින හඳුන්වා දී තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන නෝර්වේජියානු ජාතිකයින්ට අවශ්‍ය ඖෂධ රැගෙන ඒමට දිරිගන්වනු ලබන අතර ඔවුන් රැඳී සිටින කාලය තුළ හෝටල් සහ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීමට වග බලා ගන්නා ලෙස නෝර්වේජියානු රජය විසින් එරට වැසියන්ට උපදෙස් දී තිබේ.