ලංකාවට පැමිණීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න -ඉන්දියාව සිය ජනතාවට කියයි

ලංකාවට පැමිණීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න -ඉන්දියාව සිය ජනතාවට කියයි

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සංචාරයක නිරත වන්නේ නම් ඊට පෙර එම දිවයිනේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඉන්දියාව එරට ජනතාවට දැනුම්දී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක අරින්ද්‍රම් භග්චි සිය සතිපතා ප්‍රවෘත්ති සාසාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබෙන අතර මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ,

” අප දන්නවා තවමත් ලංකාවේ ප්‍රධාන සංචාරක මූලාශ්‍රය ඉන්දියානු ජාතිකයින් බව. ලංකාවේ තත්ත්වය සහ එහි වර්ධනයන් අප විමසිල්ලෙන් අධ්‍යයනය කරනවා.කොහොම වෙතත් ලංකාවට පැමිණීමේදී එරට තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස අප ජනතාවට කියනවා. මුදල් හුවමාරු කිරීමේ හැකියාව වගේම ඉන්ධන වල තත්ත්වය ගැන විමසිලිමත් වීම වැදගත් ” බවයි.